8.5 C
New York
Sunday, April 12, 2026
spot_img

ශ්‍රී ලාංකේය බොක්සිං ක්‍රීඩාවේ මළගම ට පාර කැපූ “ඩයන් “

1999 සැප්තැම්බර්  25 සිට ඔක්තෝම්බර් 04 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා එවකට MAS ආයතනයේ සේවය කරන ලද ඩයන් ගෝමස් සහභාගී විය. ඒ එවකට ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ උසස් නිලධාරියකු ලෙස කටයුතු කළ ජගත් ජයසූරියගේ ඇරයුමකට අනුවය. ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා සහභාගි වූ ඩයන් ගේ අනාගත සිහිනයක් වූයේ ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙහි සභාපති තනතුරට කෙසේ හෝ පත්වීමය.

ඒ අනුව ඔහු විසින් 1999 දෙසැම්බර් මාසයේදී MAS ආයතනයෙහි බොක්සින් ක්‍රීඩාව ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ එවකට දක්ෂ පාසල් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු MAS ආයතනය වෙත බඳවා ගනිමිනි. උපාලි බණ්ඩාර, මංජු වන්නියාරච්චි, වලිසුන්දර, හර්ෂ කුමාර, බන්දුල වික්‍රමසිංහ  එහි මුල් සාමාජිකයන් වූ අතර ලාල් අමුණුගම මහතා පුහුණුකරු ලෙස MAS ආයතනයට බඳවා ගන්නා ලදී. පසුව 2000 වර්ෂයේ දී අනුරුද්ධ රත්නායක ද මෙම කණ්ඩායමට එක් විය.

එවකට ශ්‍රී ලංකාවේ සිටි දක්ෂතම ක්‍රීඩකයන් වූ මෙම බොක්සිං කණ්ඩායම MAS ආයතනය පූර්ණ අනුග්‍රහය ඇතිව  බොක්සින් ක්‍රීඩාවේ නිරත විය. මෙම බොක්සින් කණ්ඩායමේ ජයග්‍රහණත් සමඟ   MAS ආයතනය  ජනප්‍රියත්වයත් හේතුවෙන්  ඔහුගේ මුල් අපේක්ෂාව වූ  ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ සභාපති තනතුරට  පත්වීමට ඔහුට අවස්ථාව ලැබිණ. ඒ අනුව ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාව MAS ආයතනයේ අනුග්‍රහය ඇතිව  2016 වසර දක්වා පවත්වාගෙන ඒමට ඔහු සමත් විය. ඔහුගේ මීලඟ අපේක්ෂාව වූයේ ජාත්‍යන්තර බොක්සින් සංගමයෙහි යම් තනතුරකට පත්වීමයි. මේ සඳහාද ඔහු තම අඩිතාලම සකස් කරන ලදී.

MAS හි බොක්සින් ක්‍රීඩාවට කනකොකා හැඬීම.

ඩයන් ගෝමස්  නිතරම ප්‍රසිද්ධියේ සිදුකරන ලද ප්‍රකාශයක් වූයේ  MAS බොක්සින් ක්‍රීඩාව ආරම්භ කලාසේම අවසාන කරන්නේද තමන් බවයි. මෙම ප්‍රකාශය පිළිබඳව කිසිවෙකුටත් හාන් කවිසියක් සැකයක් තිබුණේ නැත. නමුත් මෙම ප්‍රකාශය බරපතළකම තේරුම් ගැනීමට බොක්සින් ක්‍රීඩාවෙහි  නිරත වූ  MAS ආයතනය නිලධාරීන් සහ ක්‍රීඩකයින්ට වැඩිකරක් ගත වූයේ නැත. 2016 වසරේදී  ඩයන්ගෝමස් විසින්  MAS ආයතනයෙහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඔහු විසින්  MAS ආයතනයෙහි කොටස්  තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. කෙසේ වෙතත් මෙම ඉල්ලීමට පාලන අධිකාරිය කිසිදු ආකාරයකින් එකඟ වූයේ නැත. ඒ වෙනුවට ඔවුන්  ඩයන් ගෝමස් වෙත ප්‍රකාශ කර සිටියේ තමන්ට අවශ්‍ය කාලයක් MAS ආයතනයෙහි සේවය කිරීමට හැකි බවත් කොටස් ලබාදීමේ හැකියාවක් නොමැති බවත්ය. මින් උරණ වූ ඩයන් ගෝමස් MAS ආයතනයෙන් ඉවත් වීමට තීරණය කරන ලදී. කෙසේ වෙතත් එම වකවානුවෙහි ඔහු ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙහි සභාපති වන බැවින්, තවදුරටත් ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාව සඳහා  MAS ආයතනයෙහි අනුග්‍රහය බලාපොරොත්තු විය. එම අනුග්‍රහය ලබා ගැනීම සඳහා  සුදුසු වටපිටාව ද ඔහු MAS ආයතනයෙන් ඉවත්වීමට පෙර සකස් කර තිබිණ. කෙසේ වෙතත් බලාපොරොත්තු වූ පරිදි MAS ආයතනය අනුග්‍රහය දිගින් දිගටම ශ්‍රී ලංකා බොක්සින් සංගමය වෙත නොලැබිණ. මින් උදහසට පත්  ඔහුගේ තවත් යටි අරමුණක් ක්‍රියාත්මක විය. ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන ලද කාරණය ඔප්පු කිරීම ඔහුගේ ඊළඟ අරමුණ විය. එනම් MAS ආයතනයෙහි බොක්සින් ක්‍රීඩාව ඈවර කිරීමයි. ඒ සඳහා ඔහු මීළඟට පිඹුරුපත් සකස් කරන්නට විය. ඒ සඳහා ඔහු අපූරු උපායමාර්ගයක් යෙදීය. මෙම අවධිය වන විට ද ඔහු ශ්‍රී ලංකා බොක්සින් සංගමයෙහි සභාපති තනතුරේ රැඳී සිටින ලදී.

හෙළ ආයතනය හරහා MAS ආයතනයෙහි බොක්සිං ක්‍රීඩාවට  පාඩමක් ඉගැන්වීම.

2017 වසර වන විට ශ්‍රී ලංකාවේ දක්ෂතම කාන්තා බොක්සින් කණ්ඩායම සිටියේ MAS කොග්ගල ආයතනය. ඩයන් ගෝමස් විසින්  මුලින්ම තම අරමුණ වෙනුවෙන් තෝරා ගත්තේ මෙම කාන්තා බොක්සින් කණ්ඩායමයි. මෙම කාලවකවානුවේ  ඩයන් ගෝමස්  හෙළ ආයතනයෙහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් විය. ඒ හරහා ඔහු විසින් හෙළ ආයතනයේද බොක්සින් ක්‍රීඩාව ආරම්භ කරන ලදී. ඒ සඳහා ඔහු විසින්  MAS කොග්ගල ආයතනයේ සිටි කාන්තා බොක්සින් කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු ඉහළ වැටුපක් සහ  දීමනා ලබාදෙන බව පවසමින් හෙළ ආයතනය වෙත බඳවා ගන්නා ලදී. ඊට අමතරව MAS ආයතනයෙහි සේවය කරන ලද හා බොක්සින් ක්‍රීඩාවේ නිරත වූ පුහුණුකරුවන් හා ක්‍රීඩකයින් තවත් කිහිප දෙනෙකුද හෙළ ආයතනය වෙත බඳවා ගන්නා ලදී.

MAS බොක්සින් ක්‍රීඩාවේ අවසානය සඳහා පිඹුරුපත් සැකසීම

මෙම වකවානුව වන විට ශ්‍රී ලංකාවේ දක්ෂතම බොක්සිං කණ්ඩායමක් MAS ආයතනය සතු විය. දක්ෂතම බොක්සිං කාන්තා කණ්ඩායම  හෙළ ආයතනය වෙත බඳවා ගැනීමෙන් අනතුරුව, MAS ආයතනයේ සිටින අනෙකුත් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා දිවිය නිමා කිරීම ඔහුගේ ඊළඟ අරමුණ විය. ඒ සඳහා ඔහු  ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ සභාපති තනතුරෙහි බලය අවියක් කර ගන්නා ලදී. ඒ අනුව ඔහු විසින්  තම සභාපති තනතුරේ බලය පාවිච්චි කරමින්  MAS ආයතනයේ බොක්සිං කණ්ඩායමය කූට ලෙස පරාජය කිරීමට කටයුතු කරන ලදී. මෙලෙස ජාතික මට්ටමේ තරගාවලිය පැවැත්වෙන අවස්ථාවලදී තමන් අධ්‍යක්ෂක තනතුරක් හොබවන  හෙළ ආයතනයෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරවීම සඳහා විනිසුරුවරුන්ට  ප්‍රසිද්ධියේ බලපෑම් කරන ලදී. ඔහුගේ ආයතනයෙහි තරගයක් පැවැත්වෙන අවස්ථා වලදී  පරිගණක ක්‍රියාකරු අසලට ගොස්  වාඩිවී  විනිසුරුවරුන් දෙස  ඔවුන් අපහසුතාවයට ලක්වෙන පරිදි  මුහුණෙන් ඉරියව් පෙන්නමින් කටයුතු කිරීම එවකට සුලභ කරුණක් විය. එලෙස ඔහු තමන්ට හිතවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කිරීමට බලපෑම් සිදු කරන ලදී. එසේම  එවැනි ජාතික මට්ටමේ තරගාවලිය සඳහා  විශාල මුදලක් වැය කරමින්  තමන්ට හිතවාදී  විදේශ රටවල විනිසුරුවරුන්  එම තරඟ සඳහා සහභාගි කරවීමට ඔහු කටයුතු කරන ලදී. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ හා අත්දැකීම් බහුල විනිසුරුවරුන් පක්ෂපාතී යැයි හංවඩු ගසමින්  තමන්ට හිතවත් විදේශ විනිසුරුවරුන් ලවා තමන්ට අවැසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන ලදී. එසේම  MAS ආයතනයෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය කරවීමටද කටයුතු කරන ලදී. ඔහුගේ මෙම ක්‍රියා කලාපය නිසා  ඔහුගේ යටි අරමුණ වූ  MAS ආයතනයෙහි බොක්සිං ක්‍රීඩාව  ඈවර කිරීමට අවශ්‍ය මඟ පෑදින.

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ ක්‍රීඩා අනාගතය විනාශ කිරීම.

ඔහුගේ මෙම ක්‍රියාකලාපයන් නිසා  MAS ආයතනයෙහි බොක්සින් ක්‍රීඩාව සම්පූර්ණයෙන් නවතා දැමීමට  එහි පාලන අධිකාරිය කටයුතු කරන ලදී. මේ හේතුවෙන් ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් රැසක් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩකාවන් විශාල සංඛ්‍යාවකට තම රැකියාව පවා අහිමි විය. එමෙන්ම ඔවුන් බොක්සින් ක්‍රීඩාවටද සමුදෙන ලදී. මීට සම්පූර්ණ වගකිවයුතු පුද්ගලයා වන්නේ  ඩයන් ගෝමස් ය. ඒ විතරක්ද නොවේ. විශාල වැටුප් හා දීමනා ලබාදෙන බව පවසමින් MAS ආයතනයට බඳවා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩීකාවන් හා පුහුණුකරුවන් නිලධාරීන් බොහෝ දෙනෙකුටද හෙළ ආයතනයෙහි රැකියා අහිමි වූයේ එම ආයතනයට බොක්සින් ක්‍රීඩාව කරගෙන යාමට තරම් හැකියාවක් නොතිබීම හේතුවෙනි. මේ සියල්ල සිදුවූයේ  MAS බොක්සින් ක්‍රීඩාව විනාශ කිරීම සඳහා ඩයන් තුළ වූ සැලැස්ම මතය. එලෙස MAS බොක්සින් ක්‍රීඩාව ඈවර කිරීමෙන් අනතුරුව ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ  ජාත්‍යන්තර බොක්සින් සංගමයේ (IBA) හි යම් තනතුරකට පත්වීමයි. ඔහු එයද සිදු කරගනු ලැබූයේ  තමන් ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාවෙහි පතාක යෝධයෙකු බවට ජාත්‍යන්තරයට

පෙන්වමිනි. නමුත් ජාත්‍යන්තරය කිසිදු අවස්ථාවක බැටළු හම පොරවා ගත් මෙම වෘකයාව හඳුනා ගත්තේ නැත.

ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාවේ ගෝඩ් ෆාදර් වීමේ අවශ්‍යතාව

ඩයන් සෑම අවස්ථාවකම ප්‍රකාශ කළේ තමන් බොක්සින් ක්‍රීඩාවේ ගෝඩ් ෆාදර් යන්නයි. ඔහු විසින් බොක්සින් ක්‍රීඩාවට සිදුකරන ලද විනාශය දැන් දැන් සියලු දෙනාට අවබෝධ වෙමින් පවතී. MAS අනුග්‍රහය යටතේ වසර 15 වැඩි කාලයක්  ශ්‍රී ලංකාවේ බොක්සින් ක්‍රීඩාව පවත්වාගෙන ගියද ඔහු සෑම අවස්ථාවකදීම ප්‍රකාශකලේ තමන්ගේ පෞද්ගලික මුදලින් ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාව පවත්වාගෙන යන බවයි. නමුත් ඔහු තම පෞද්ගලික මුදල් කිසිදු අවස්ථාවක බොක්සින් ක්‍රීඩාව වෙනුවෙන් වැය කළේ නැත. දැන් ඔහුට අවශ්‍යව ඇත්තේ ජාත්‍යන්තර බොක්සින් සංගමයෙහි අනුග්‍රහය යටතේ තවදුරටත්  ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර බොක්සිං සංගම්වල වැජඹීමටය. ඒ සඳහා ඔහු විසින් නිර්ලජ්ජිත උත්සාහයන්හි නිරත වේ.

තනතුර අවභාවිත කිරීම

ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ සභාපති යන තනතුර අවභාවිත කරමින් මොහු විසින්  තම හිතවතුන් විදේශ රටවල් වලට යැවීමට  කටයුතු කිරීම නොලහසකි. ඊට හොඳම උදාහරණය 2022 පොදුරජ මණ්ඩලය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ක්‍රීඩකයින් මෙරටට නොපැමිණීමයි. ඊට අමතරව තවත් එවැනිම තම හිතවතුන් කිහිප දෙනෙකු යුරෝපා රටවලට යැවීම පිළිබඳව කරුණු අනාවරණය වෙමින් පවතී. මේවා යට ගැසීම සඳහා ඔහු විසින්  වෙනත් සැලසුම් සකස් කරමින් සිටී. වසර 20 පමණ ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ සභාපති තනතුරේ කටයුතු කරන ලද ඩයන් ගෝමස්ට  අවශ්‍යව ඇත්තේ තවදුරටත් ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාවෙහි පරිපාලනය තම අතට ගැනීමයි. ඒ සඳහා ඔහු  විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටී. මේ සියල්ල පිළිබඳව අප අවදියෙන් සිටිමු. ශ්‍රී ලංකාවේ බොක්සින් ක්‍රීඩාව යනු ඩයන් ගෝමස් නොවේ. ඩයන් ගෝමස් නොමැති නම් ශ්‍රී ලංකාවේ බොක්සින් ක්‍රීඩාව නැති වන්නේ ද නැත. MAS ආයතනයට සිදුකරන ලද දෙයම ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාවට සිදු කිරීමට ඔබට කිසිදු අවස්ථාවක් නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles