උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ කාණ්ඩයේ අසියානු බොක්සින් ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රි ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන ඇති අතර සමස්ත තරගාවලියේ 9 වන සථානය දිනාගෙන තිබෙනවා.
එහිදී බර කිලොගෑරැම් 30-33 බර පංතිය නියොජනය කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කළ අමෝද්‍යා ජයරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවා.
අමෝද්‍යා මහනුවර විහාරමහා දේවි විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවක්
කිලොගෑරැම් 49 බර පංතිය නියොජනය කළ ටසෙනි හිමායා හෙට්ටිආරච්චි ක්‍රීඩිකාව මෙම තරගාවලියේදී ලක්මවට දෙවන ලෝකඩ පදක්කම ජයග්‍රහණය කල අතර ඇය මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා



