10.7 C
New York
Sunday, May 24, 2026
spot_img

අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ කාණ්ඩයේ අසියානු බොක්සින් ශූරතාවය දිනාගත් ක්‍රීඩිකාවන්

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ කාණ්ඩයේ අසියානු බොක්සින් ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රි ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන ඇති අතර සමස්ත තරගාවලියේ 9 වන සථානය දිනා ගන්නා ලදී..
බර කිලොගෑරැම් 30-33 බර පංතිය නියොජනය කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කළ
අමොද්‍ය ජයරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය..

අමෝදයා මහනුවර විහාරමහා දේවි විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන අතර ඇයගේ වත්මන් පුහුණුකරු ලෙස දිනේශ් ස්ටීවන් මහතා කටයුතු කරයි.
කිලොගෑරැම් 49 බර පංතිය නියොජනය කළ
ටසෙනි හිමායා හෙට්ටිආරච්චි ක්‍රීඩිකාව මෙම තරගාවලියේදී ලක්මවට දෙවන ලෝකඩ පදක්කම ජයග්‍රහණය කල අතර ඇය මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබයි..ඇයගේ වර්තමාන පුහුනුකරු ලෙස ජමිත ගයාන් බණ්ඩාර මහතා කටයුතු කරයි..
ජයග්‍රහණ ලැබූ ක්‍රීඩිකාවන් දෙදෙනාටත් ශ්‍රි ලංකා බොක්සිං කණ්ඩායමටත් srilankasports.com අපගේ උනුසුම් සුභ පැතුම්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles